Saturday, August 28, 2010

අද ලෝකය බොහෝ දියුණුය. එහි එක් ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාලය මිනිසාට සේවය කරමින් මිනිස් අවශ්‍යතා කඩිනම් හා පහසු කර දී ඇත.
විදේශීය ක්‍රීඩකයින්,ක්‍රීඩා බළදාරීන් අන්තර්ජාලයේහි ඇති දත්ත තමාගේ දියුණුව,වර්දනය සදහා වැඩි වැඩියෙන් යොදා ගනී.
එහෙත් අප රටේ ක්‍රීඩකයින්,ක්‍රීඩා බළදාරීන් හෝ වගකිව යුත්තන් අන්තර්ජාලයෙන් වැඩක් ගන්නවාද යන්න සැක සහිතය. එයට හේතුව ඔවූන් එය පරිශීලණයට නොදැනීමද නැතහොත් එහි ඇති අගේ නොදැනීමද නොදනිමි.
කෙසේ නමුත් අප ක්‍රීඩකයින්ට,විදේශීය ක්‍රීඩකයින් සමග උරෙන් උර ගැටෙමින් අප මව්බිමට ජය ගෙනෙන්නට නම් නව තාක්ෂණය හා නව ක්‍රමවේද අප ක්‍රීඩකයින්ට ඉගැන්විය යුතුය. නැත හොත් ඔලිම්පික් මෙඩලයක් කෙසේ වෙතත් සාෆ් මෙඩලයක් වත් ඉදිරියේදී දිනා ගැනීම සිහිනයකී.
අප ක්‍රීඩකයින්,ක්‍රීඩා බළදාරීන් අන්තර්ජාලය වෙත ගෙන ඒමට හා ඔවූන්ට අන්තර්ජාලයෙහි ඇති තොරතුරු පහසුවෙන් පරිශීලණය කිරීමටත් හුරු කිරීම මෙම වෙබ් අඩවිය තුලින් බලාපොරොත්තු වෙමි.
ඒ සදහා සහය,අදහස් හා යෝජනා සදහා සකල ශ්‍රී ලංකාවාසී ඔබ සැමට ඉතා ගෞරවයෙන් යුක්තව කරන ආරාධනයයි මේ..............

No comments: