Friday, January 26, 2024

 

ශූරයා – ශෙනුක්, ශූරිය – නෙත්මි


උෟව බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ උෟව පළාත් සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලියේදී ශෙනුක් තවීෂ සමරරත්න සහ නෙත්මි අමායා රත්නායක විවෘත පිරිමි හා කාන්තා ශූරතා දිනාගැනීමට සමත්විය.

බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී පැවැති මෙම තරගාවලියේදී පිරිමි කේවල අවසන්  තරගයේදී ලකුණු 21-17ක් හා 21-13ක් ලෙස මලිත හසරංග සූරියආරච්චි පරාජය කිරීමට ශෙනුක් සමරරත්න සමත්වූ අතර, තරූෂි නවෝද්‍යා ලකුණු 21-09ක් හා 21-07ක් ලෙස පරාජය කළ නෙත්මි අමායා කාන්තා කේවල ශූරතාව දිනාගනු ලැබීය.

ලකුණු 21-14ක් හා 21-14ක් ලෙස හංස සිල්වා සහ යොහාන් බණ්ඩාර වීරසූරිය පරාජය කළ දිනුර රශ්මික ප්‍රියශාන්ත සහ සියත් දුල්නෙත් විවෘත පිරිමි යුගල ශූරතාව දිනාගත් අතර, චාම්යා නිර්මාණි නන්දසිරි සහ යස්මිතා සිතුමිණි ලකුණු

21-13ක් හා 21-12ක් ලෙස පරාජය කළ ඉසුරි අත්තනායක සහ සිතුමි මිනාරා සිල්වා කාන්තා යුගල ශූරතාව දිනගත්හ.

එසේම හංස සිල්වා සහ චාම්යා නිර්මාණි 21-12ක් හා 21-10ක් ලෙස පරාජය කළ තෙනුක සත්සර සහ සමිදි ඔනෙල් මිශ්‍ර ශූරතාව දිනාගත් අතර අවුරුදු 19න් පහළ බාලක හා බාලිකා කේවල ශූරතා දිනාගනු ලැබුවේ ශෙනුක් තවීෂ සහ මිනූෂා අභිමානි විසිනි.

www.mawbima.lk

 


No comments:

Post a Comment